පළාත් සභා මැතිවරණය තියන්න තීරණයක් ගෙන නෑ.. පලාත් 09ට නීති 09ක් බෑ..- සරත් වීරසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

පළාත් සභා මැතිවරණය තියන්න තීරණයක් ගෙන නෑ.. පලාත් 09ට නීති 09ක් බෑ..- සරත් වීරසේකර

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ එක රටක් එක නීතියක් නම් පළාත් 09ට නීති නවයක් විය නොහැකි බවයි.

ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් එහිදී සම්පූර්ණ බලතල මධ්‍යම රජයට සතුවන ලෙස සකස් කිරීමෙන් පසු පළාත් සභාව තිබුණද ප්‍රශ්නයක් නොවන බවද ඔහු කියා සිටියේය.

ඊයේ දිනයේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර සඳහන් කරන ලද්දේ පළාත් සභා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස තමන් මැතිවරණ කොමිසමට උපදෙස් දුන් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad