ඊළඟ ජනාධිපතිවරනයේදී ගෝඨාභයද බැසිල්ද නොවෙයි මෙහෙම හොරකම් කලොත් ආණ්ඩුවට ඊළඟට ඇපත් නැති වෙනවා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

ඊළඟ ජනාධිපතිවරනයේදී ගෝඨාභයද බැසිල්ද නොවෙයි මෙහෙම හොරකම් කලොත් ආණ්ඩුවට ඊළඟට ඇපත් නැති වෙනවා…

ඊළඟ ජනාධිපතිවරනයේදී එන්නේ ගෝඨාභයද බැසිල්ද කියන එක නොව මෙහෙම හොරකම් කරන්න ගියොත් මේ ආණ්ඩුවට ඊළඟට ඇපත් නැති වන බව සිංහල රාවය සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ සඳහන් කරති.

බැදුම්කර හොරකමද ඉක්මවා වන මහා සීනි බදු වංචාවක් මේ ආණ්ඩුව සමයේ සිදුකර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

බැඳුම්කර වංචාවේ හොරුන් අල්ලන්නට පැමිණි ආණ්ඩුව ඊටත් වඩා මහා වංචාවක් හොරකමක් සිදුකර ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

ආණ්ඩුව කටයුතු කරන්නේ මේ ආකාරයට ඊළග ජනාධිපතිවරණයට එන්නේ කවුදැයි යන ප්‍රශ්නය නොව ඊළඟ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන කිහිපයක් ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී

No comments:

Post a Comment

Post Bottom Ad