ජනාධිපති හෙලිකොප්ටර දෙකකින් යන්නේ ආරක්‍ෂාවට - චමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

ජනාධිපති හෙලිකොප්ටර දෙකකින් යන්නේ ආරක්‍ෂාවට - චමල්

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන ඇතැම් අවස්ථාවල හෙලිකොප්ටර් දෙකක් යන්නේ ආරක්ෂාවට යයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා යන බොහෝ තැන් වලට හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන්නේ මන්දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

අද වන විට ජනාධිපතිවරයා පෙර සම්ප්‍රදාය වෙනස් කර ඇති බවත් ඔහු සිටින්නේ තමන්ගේම නිවසේ බවත් ආරක්ෂාව ද වෙනස් කර ඇති බවත් චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා පාරේ යද්දී යන්නේ වාහන තුනක් පමණක් යයිද ඇමතිවරයා පැවසීය.

ජනාධිපතිවරාට උඩින් යන්න බැරිනම් කොහෙන්ද යන්න දැයි විමසූ ඔහු හෙලිකොප්ටර් දෙකක් යන්නේ ආරක්ෂාවට යයිද සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad