බැඳුම්කර වංචාවෙන් රනිල් තිබ්බ රෙකෝඩ් එක සීනි වංචාවෙන් ගෝඨා කැඩුවා – හඳුන්නෙත්ති (වීඩියෝ) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

බැඳුම්කර වංචාවෙන් රනිල් තිබ්බ රෙකෝඩ් එක සීනි වංචාවෙන් ගෝඨා කැඩුවා – හඳුන්නෙත්ති (වීඩියෝ)

ආනයනික සීනි සඳහා පැනවූ බදු සහනය මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල පාඩුවක් සිදුකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමු‌නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය ශත 25ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුවී ඇති බවය.

මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවනට එරෙහිව නීතියානු කූලව පියවර ගන්නැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පෙත්සමෙන් ඉල්ලයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් මෙම පැමිණිල්ල ගොනු කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍මහතා වෙනුවෙන් නීතිපතිවරයා, ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ලංකා ඉතිහාසයේ ලොකුම මුල්‍යම වංචාව ලෙස පැවසූ රනිල්ගෙ බැදුම්කර වංචාවේ රෙකෝර්ඞ් එක ගෝඨාභය සීනි බදු වංචාවෙන් කඩා ඇති බවයි.






No comments:

Post a Comment

Post Bottom Ad