ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් වහලය උඩට නැග විරෝධතා.. වහලයෙන් වැටී ඔහු රෝහලට - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් වහලය උඩට නැග විරෝධතා.. වහලයෙන් වැටී ඔහු රෝහලට - (video)

මන්ගේ ගොඩනැගිල්ලක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අද එහි වහලය මත නැගී විරෝධතාවයක් සිදුකළේය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බොරු පැමිණිල්ලක් ද සිදුකර ඇතැයි පැවසූ ඔහු ඊට විරෝධය පාමින් කියා සිටියේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවහොත් වහලයෙන් බිමට පනින බවයි.

අදාල ගොඩනැගිල්ල නඩුවක් පවතින ගොඩනැගිල්ලක් බවත් එසේ වුවද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලයක් එහි පවත්වන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් ටික වෙලාවකින් වෛද්‍යවරයා එම ස්ථානයෙන් බිමට ඇද වැටුණු අතර රෝහල් ගත කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad