බදියුදීන් අත්අඩංගුවට - ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න - අත්තඩංගුවට ගන්නා අවස්තාවේ බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක් [VIDEO] | Rishad Badurdeen - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

බදියුදීන් අත්අඩංගුවට - ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න - අත්තඩංගුවට ගන්නා අවස්තාවේ බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක් [VIDEO] | Rishad Badurdeen


හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදර රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

2019-4-21 පාස්කු දිනයේ මෙරරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණ ඝාතකයන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

මොවු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි.

එමෙන්ම ''ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික ආරක්ෂාව හානි නොකරන්න, ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න'', ලෙසින් කියා සිටියේය . Rishad Badurdeen

එමෙන්ම මන්ත‍්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.


GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad