මන්ත්‍රී පිල්ලෙයාන් මඩකලපුවේ කුරුලු දූපත ඩැහැගන්න හදයි..! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

මන්ත්‍රී පිල්ලෙයාන් මඩකලපුවේ කුරුලු දූපත ඩැහැගන්න හදයි..!

මඩකලපුව පොරතිවු පත්තු වෙල්ලාවෙලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුපලූගමම් ප‍්‍රදේශයේ වැදගත් ජෛව විවිධත්ව වටිනාකමකින් යුත් කුරුලූ දූපතක් දේශපාලනික මැදිහත්වීම් යටතේ අත්පත් කර ගැනීමට දරන ප‍්‍රයත්නයක් පිළිබඳව තොරතුරු මඩකලපුවෙන් වාර්තා වේ.

කොක්කුතිවු ලෙස ප‍්‍රසිද්ධ මඩකලපු කළපුවේ පිහිටි මෙම දූපත මානව ජනාවාසයෙන් තොර වන අතර එය සංක‍්‍රමණික කුරුල්ලන් ඇතුළු පක්ෂීන් ගණනාවකගේ වාසභූමියක් ලෙස ප‍්‍රසිද්ධ ස්ථානයකි. එසේම දූපත වටා පිහිටි කඩොලාන පද්ධතිය මෙම දූපතේ ජෛව විවිධත්ව වටිනාකම වැඩි කිරීමට බොහෝ සේ වැදගත් වේ.

මෙම දූපත අත්පත් කරගැනීමට උත්සාහ දරනුයේ ලන්ඩන් නුවර ඩයස්පෝරා කණ්ඩායමක් වන අතර ඒ සඳහා පූර්ණ දේශපාලන අනුග‍්‍රහය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් හරහා ලැබී ඇත. දූපත අත්පත් කරගැනීමට උත්සහ කරනුයේ අඩි 120 උස ශිව දේව ප‍්‍රතිමාවක් එහි නිර්මාණය කිරීමේ අදහසින් බවත්, ඒ සඳහා ආධාර එකතුකිරීම මේ වන විටත් ලන්ඩනයේ ආරම්භ කර ඇති බවටත් තොරතුරු ලැබී ඇත. මෙම ව්‍යාපෘතියට අනුග‍්‍රහය ලබාදෙන දේශපාලකයන්ගේ අතීතය අනුව එයට එරෙහිව ඉදිරියට ඒමට ජනතාව සහ පරිසර කණ්ඩායම් බියක් දක්වන බවටද ආරංචි ලැබේ.

මෙම දූපත ඇතුළු තවත් ස්ථාන 17 ක් වනජීවී රක්ෂිත ලෙස නම් කිරීමට ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනට වසර තුනක් තිස්සේ ඉල්ලීම් කරන නමුත් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රතිචාරයක් මේ වන තෙක් ලැබී නොමැත. මේ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එසේ යම් ප‍්‍රදේශයක් රක්ෂිතයක් ලෙස නම් කිරීමට පෙර නොයෙකුත් සමාජ ආර්ථික කරුණු සැලකිල්ලට ගත යුතු බවයි.

 මනෝජ් අබයදීර
උපුටා ගැනීම : දිවයින පුවතපතෙනි

No comments:

Post a Comment

Post Bottom Ad