උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නොනගත කාලයේදී ගාල්ල ප්‍රදේශයේ ධීවරයින් වෙරළ තීරයේ ඉටි පහන් දල්වමින් නිහඬ විරෝධතාවයකට එක්ව තිබේ.
ආණ්ඩුව උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දියානු ධීවරයින්ට බලපත්‍ර ලබා දීමේ සූදානමට විරෝධය පළකිරීම සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ මූලිකත්වයෙන් මෙම විරෝධතාවයට කැඳවා තිබිණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ… “නොනගත කාල සීමාවේ මේ රටේ ධීවර ප්‍රජාවට වෙරළට බහින්න සිද්ද වුණේ ධීවරයින්ට උදා වෙලා තියෙන අඳුරු තත්වයෙන් ආලෝකයක් ලබා දෙන්න කියලා පාලකයන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ නොනගතය වර්ෂය පුරා පැතිරුණ නොනගතයක් බවට පත් නොකරන්න, ඉන්දියානු ආක්‍රමණයෙන් අපේ උතුරු මුහුද කෙළෙසනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා මේ ප්‍රශ්නෙට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා දෙන්න කියලා. හෙට අනිද්දා වෙනකොට උතුරු මුහුද ඉන්දියානුවන්ට දීමේ අවධානමක් තියෙනවා.” යනුවෙන් පැවසීය.
No comments:
Post a Comment