ඇමතිවරු ගැන සමීක්ෂණයක්.. ගිය වසරේ වැඩක් කරපු ඇමතිවරුන් අතරට පවිත්‍රා, නාමල් හා ජොනී - විගස පුවත් - Vigasapuwath

Tuesday, April 6, 2021

ඇමතිවරු ගැන සමීක්ෂණයක්.. ගිය වසරේ වැඩක් කරපු ඇමතිවරුන් අතරට පවිත්‍රා, නාමල් හා ජොනී

ලයට පත්වූ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පරිසාධන මට්ටම පිළිබඳව කල සමීක්ෂණයක ප්‍රථිපල දැන් නිකුත් වී තිබෙනවා. එහිදී ගත වූ කාලය ඇතුලත කැබිනට් අමාත්‍යවරුන්ගේ කැපවීම මත කුසලතා දැක්වූ අමාත්‍යංශ වර්ග කර තිබෙනවා. එහිදී රටේ සංවර්ධනයට දායකවීම, මහජනතාවගේ කැමැත්ත   මත සෞඛ්‍ය අමාත්‍යංශය එම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන ලබාගෙන තිබෙනවා.

විශේෂයෙන්ම කොවිඩ් අර්බුදයත් සමගින් එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය මහජන ප්‍රසාදය හිමිව ඇති බව සඳහන්.

එමෙන්ම එහි දෙවෙනි තැනට මහා මාර්ග අමාත්‍යංශය පැමිණ තිබෙන අතර විශේෂයෙන්ම එහිදී ග්‍රාමීය මාර්ග සහ යටිතලපහසුකම් සංවර්ධනය කිරීම පීබන්දව බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩු සෑම එකකදිම පාහේ මෙවරත් මාර්ග සංවර්ධනය සිදු කෙරෙන බැවින් මහා මාර්ග අමාත්‍යංශය කෙරෙහි මහජන ප්‍රසාදය හිමිව ඇති බව සඳහන්.ඒ අනුව එම ශ්‍රේණිගත කිරීමේ දෙවෙනි තැන ලබාගැනීමට මහා මාර්ග අමාත්‍යංශය සමත්ව තිබෙනවා.

විශේශයෙන්ම පසුගිය අවුරුද්ද පුරාවටම මහා මාර්ග ඇමතිවරයෙක් ඉතිහාසයේ නොගිය තැන් වලට ගොස්, වාහන අංගන වල දිරාපත් වෙමින් පවතින වාහන ආදිය නැවත රෙපෙයාර් කොට භාවිතයට ගැනීමට ක්‍රියා කිරීම සහ අලුත් වාහන ගැනීමට යන මුදල් ඉතිරි කිරීම යන කරුණුත්, මෙතෙක් පැවති විදෙස් සමාගම් වල ආධිපත්‍ය බිඳවට්ටවා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ශ්‍රීලාංකීය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමට ඉඩ හසර සැලසීම යනාදි කරුණු නිසා මහා මාර්ග අමාත්‍යංශය මහජන ප්‍රසාදය ලැබී ඇතැයි සඳහන්.

පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම සහ එහිදී මහජන ප්‍රසාදය හිමිවීම මත ප්‍රධාන හේතු සාධකයක් සමගින් ග්‍රාමියව තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවය වැඩි දියුණු කිරීමට සමත්කම් දැක්වීම මත ක්‍රීඩා අමාත්‍යංශය එම ශ්‍රේණිගත කිරීමේ තෙවෙනි තැන ලබාගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අනෙකුත් දුර්වල අමාත්‍යංශ කෙරෙහිද මින් අවධානය යොමු කිරීම සහ ඒවාද මහජන ප්‍රසාදය කෙරෙහි වර්ධනය කිරීම වෙනුවෙන් විශෂ වැඩපිළිවෙලක් දැන් අරඹා ඇතැයිද වාර්තා වෙනවා.

උපුටා ගැනීම -aperata


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *