එජාපයේ බාලගිරි අවසන් : රනිල් මන්ත්‍රී ධූරය බාරගන්නා දිනය නියම කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

එජාපයේ බාලගිරි අවසන් : රනිල් මන්ත්‍රී ධූරය බාරගන්නා දිනය නියම කරයි

එළඹෙන ජූලි මාසයේදී මුල් දින කිහිපයේදී ස්ථිර ලෙසම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට අයත් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙන බව සිරිකොත ආරංචි මාර්ග තහවුරු කරයි. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව පත් කිරීම මේ වන විට පක්ෂයේ නිල මට්ටමින් තීන්දු කොට අවසන් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සුදුස්සකු වත්මන් එජාපය තුළ නොමැති බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික මතය වී තිබේ.

මහ මැතිවරණයට ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ අංක 1 ට නම තිබුණේ ජෝන් අමරතුංග මහතාගේ වන අතර මෙතෙක් ප්‍රතිපත්තියක් ලෙස එජාපය මහ මැතිවරණයකදී පරාජිත වූවන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් නොකරන ලදී.

එහෙත් පසුගිය මහ මැතිවරණයේදී තරග කොට පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිරීමත් සමඟ එජාපයේ ප්‍රතිපත්තියද බිද වැටීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad