වහා රට ලොක්ඩවුන් කල යුතුයි.. අහඹු PCR පරීක්‍ෂණවලින් ආසාදිතයන් 30%ක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

වහා රට ලොක්ඩවුන් කල යුතුයි.. අහඹු PCR පරීක්‍ෂණවලින් ආසාදිතයන් 30%ක් !

මේ වන විට රට පුරා සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති නිසා රට වහාම ලොක්ඩවුන් කිරීමට පියවර ගතයුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා ආසාදිතයන් රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එසේ සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත්වෙන ලකුණු පහළ වී ඇතැයිද ඒ මහතා කියයි.

අද වන විට රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු PCI පරික්ෂණවලදී ආසාදිතයන් ප්‍රතිශතය 30% පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත වූ වහාම රට ලොක්ඩවුන් කර උප පොකුරු හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් විය යුතු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad