වෛද්‍ය සභාවට හොරු පනී! ෆයිල් රැසක් අතුරුදන්!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

වෛද්‍ය සභාවට හොරු පනී! ෆයිල් රැසක් අතුරුදන්!!

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවත්, ඉතා වටිනා තොරතුරු සහිත එම ලිපිගොනු අතුරදහන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සේනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

විදේශ වෛද්‍ය විද්‍යාල සම්බන්ධ තොරතුරු  ඇතුළත් ලිපිගොනු එලෙස අතුරුදහන්ව තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කරයි.

විදේශ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධ තොරතුරු,ඒවායේ අධ්‍යයනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ තොරතුරු ආදිය එම ලිපිගොණුවල තිබූ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි

No comments:

Post a Comment

Post Bottom Ad