සති තුනකට පාසැල් වසා දමන්නැයි කොරෝනා පාලන ඇමතිනිය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

සති තුනකට පාසැල් වසා දමන්නැයි කොරෝනා පාලන ඇමතිනිය කියයි

රට පුරා පාසල් සති 3ක කාලයක් සඳහා වසා දමන්නැයි යෝජනා කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන විශේෂ රැස්වීමේදී මෙම ඉල්ලීම කරන බවද ඇය පැවසුවාය.

මේ අතර ලංකා විදුහල්පති සංගමය ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පාසල් වසා දමන ලෙසයි.

පවතින තත්ත්වය පාසැල් පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් එනිසා දරුවන් පාසැල් එවීමට දෙමව්පියන් මැලිකමක් දක්වන සිටින බවත් සංගමය පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad