රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා - හමුදාපති

රට වසා ගැනීම සඳහා මේ මොහොතේ තීරණයක් ගෙන නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එළැඹෙන සති අන්තයේ සංචරණය නොකර සිටීම වඩා සුදුසු බවද ඒ මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

අවුරුදු සැමරුමෙන් පසු කොරෝනා වෛරසය පැතිරීම වර්ධනය වී ඇති බවක් පෙනෙන්න තිබෙන බවද කී ඔහු හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද ඉල්ලා සිටියේය.

ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය තව ඉහල යාමේ ඉඩ ඇතැයිද ඔහු තව දුරටත් සඳහා කළේය.

මෙම කාල සීමාවේදී දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය විශේෂයෙන් අවම කරන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර ඒ සදහා සීමා පැනවීමට මෙතෙක් තීරණය කර නැති බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad