තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති

යාපනය නගර ආරක්ෂක බලකාය පිළිබඳ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් නිල ඇඳුම වෙනස් කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර තීරණයක් ගන්නා බවත් යාපනය නගරාධිපති විශ්වනාදන් මනිවන්නන් පැවසීය.

යාපනය නගරය අලංකරණය වෙනුවෙන් පත් කළ බලකාය සඳහා හඳුන්වාදුන් මෙම නිල අඳුමට සමානම නිල ඇඳුමක් කොළඹ මහ නගර සභාවේද පරිහරණය වන බවත් එම නගර සභාවෙන්ද සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. ප්‍රවර්ධනයක් දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම කියා සිටියේය.

ආන්දෝලනයට ලක් වූ මෙම නිල ඇඳුම ගැන පොලිසිය කිසිදු තීරණයක් දැනුම් දුන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ.ය ප්‍රවර්ධනය කළ බවට නැගෙන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. නගරය අලංකරණය කිරීම සඳහා එවන් කණ්ඩායමක් හඳුන්වා දුන්නේ පිරිසුදු චේතනාවෙන්. මෙහි දී මා අත්අඩංගුවට ගත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත යැයි නගරාධිපතිවරයා කියා සිටී.

යාපනය නගරයේ බුලත් කෙළ ගසන, කසළ විසි කරන, අපවිත්‍ර කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා යැයි කියමින් නගර ආරක්ෂක බලකාය නමින් කණ්ඩායමක් නගරාධිපතිවරයා පසුගියදා පත් කරන ලදී. ඉන් අනතුරුව ඇති වූ තත්ත්වයන් පිළිබඳ නගරාධිපතිවරයාගෙන් කළ විමසුමේ දී ඔහු ඒ බව පවසා සිටියේය.

– aruna

No comments:

Post a Comment

Post Bottom Ad