මුදල්වලට යටත් වෙලත් නැහැ…කාගේවත් බළල් අතකුත් නොවේ..බංකොලොත් පක්ශ කියන කතා අදාලම නෑ..! – උවිඳු විජේවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

මුදල්වලට යටත් වෙලත් නැහැ…කාගේවත් බළල් අතකුත් නොවේ..බංකොලොත් පක්ශ කියන කතා අදාලම නෑ..! – උවිඳු විජේවීර

දෙවන පරපුර කිසිසේත් තවත් කණ්ඩායමකට යටත් නොවන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා පවසයි.

යම් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“මම ලංකාවට එනකොට මාධ්‍ය ආයතන කිහිපයක් සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. ඒ කාලය වනවිට ඒ තිබුණ දේශපාලනයත් සමග යම් යම් කරුණු කිහිපයක් පැහැලිදි කළා. ඒ කරුණුවලින් පොඩි කොටසක් කපලා අරගෙන එයත් සමග ගැටගසා යම් බංකොලොත් වූ දේශපාලන පක්ෂ කිහිපයක් යම් යම් කරණු කිහිපයක් ක්‍රියාත්මක කරනවා.

ඉතින් මම හිතනවා කාලයත් සමග මේ දෙයට පිළිතුරු දෙන්නට හැකිවෙයි ප්‍රායෝගිකව අපි මොකක්ද කරන්නේ, මොනවාගේ ගමනක්ද අපි යන්නේ කියලා. මම පැහැදිලිවම කියනවා ඔය කියන ව්‍යාපාරිකයෙකුගේ මුදල්වලට යටත් වෙලාත් නැහැ. කිසිම කෙනෙකුගේ බලල් අතකුත් නොවේ.

මේක ස්වාධීනව යන ගමනක්. නමුත් අපි ඕනෑම වෙලාවක ඕනෑම දේශපාලන පක්ෂයක, ඕනෑම දේශපාලන ධාරාවක නියුතුවෙලා සිටින පුද්ගලයික් එක්ක කථා කරන්න සූදානම් මොකද අපිට මිනිස්සු ඕනේ. ඒ මිනිස්සු මේ රටේ ඉන්න මිනිස්සු. “

No comments:

Post a Comment

Post Bottom Ad