ජනතාවට නුසුදුසු සහිත පොල්තෙල් අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද රහස් පොලිසියට පැමිණිල්ලක් කළා.
මේ අතර වෙළෙඳපොළේ අප කළ සංචාරයකදී පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන්ද පැවසුවේ මේ වන විට පොල් තෙල් මිල ගණන්වල යම් ඉහළයාමක් ඇති බවයි.
වෙළෙඳ පොළෙන් ලබාගෙන පරීක්ෂා කළ පොල්තෙල් සාම්පල 55කින් 20ක ඇෆ්ලටොක්සීන් ජනතාවට නුසුදුසු සහ අහිතකර අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිතුක් කරමින් ඊයේ සඳහන් කළා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය ඊයේ දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.
මේ අතර, සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය ඊයේ හිරු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිවයි.
සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නම් සංවිධානයද අද රහස් පොලිසියට පැමිණිල්ලක් කළේ, විෂ සහිත පොල් තෙල් ආනයනය කළ ව්‍යාපාරිකයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින්.
මේ අතර, පාරිභෝගිකයින් පොල්තෙල් මෝල් කරා පැමිණ පොල්තෙල් මිලදී ගැනීම ඉහළ ගොස් ඇති බව නිෂ්පාදකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් පෙන්වා දෙන්නේ වෙළෙඳ පොළේ පොල්තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

No comments:
Post a Comment