රන්ජන්ගේ සිහිනයක් මේ සතියේ බොඳ වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 4, 2021

රන්ජන්ගේ සිහිනයක් මේ සතියේ බොඳ වේ !

සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉදිරි සතියේ දි එක් දිනක් හෝ මැතිසබයට නැවත පැමිණීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වි යන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. සාමාන්‍යයෙන් ඕනෑම මන්ත්‍රීවරයකු නොකඩවා මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රස්වීම්වලට සහභාගී නොවුවහොත් එම මන්ත්‍රීධූර ඉබේම අහෝසි වි යන්නේ යැයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන බව ද එම නිලධාරීහු කියති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වැනි දාය. 

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම්වලට අඛණ්ඩව මාස තුනක කාලයක් නොපැමිණීම සම්පූර්ණවන්නේ ලබන 12 වැනි දාටය.

(සුජිත් හේවාජූලිගේ)


No comments:

Post a Comment

Post Bottom Ad