අවුරුදුු මාර්ගෝපදේශ පෙන්වමින් PHI සභාපති සෞඛ්‍ය අමාත්‍යංශය ජෝක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 5, 2021

අවුරුදුු මාර්ගෝපදේශ පෙන්වමින් PHI සභාපති සෞඛ්‍ය අමාත්‍යංශය ජෝක් කරයි

ලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කොරෝනා මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බවත් මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කළ නමුත් එම මාර්ගෝපදේශද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වු බවද ඔහු සිහිපත් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දකුවන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,

“කොවිඩ් – 19 තත්වය යටතේ මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට විහිලුවක් වෙලා තියෙන්නේ. ප්‍රායෝගික අත්දැකීම් නැති, කොළඹ 07 වාසය කරන නෝනලා, මහත්තුරු එකතුවෙලා හදලා මාර්ගෝපදේශයක් නිකුත් කරල තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය.

මේ මාර්ගෝපදේශය ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා මුහුණු ආවරණ පැළඳ ගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම. ඒ වගේම ආදාරකරුවන් රහිත ජලය පාලනය කිරීමට බෝතල් රහිත බයිසිකල් ධාවන තරඟ පැවැත්වීම වැනි ජනතාවට විහිලු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා. මේ නිසා ප්‍රායෝගිකව මේක බිමේ ක්‍රියාත්මක කරන්න බැහැ.

ඒ වගේම මේකේ සඳහන්වෙන 100ක සීමා කිරීම ප්‍රායෝගිකව කිසිසේත් වෙන්නේ නැහැ. අවුරුදු උත්සව පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහජනතාවට අවශ්‍ය. ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් මේ සියලුම මාර්ගගෝපදේශය උල්ළංඝනය කරමින් අවුරුදු උත්සව ලංකාව පුරා පවත්වනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනානොගත් පුද්ගලයින් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් දැඩි ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad