Port Cityයේ පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

Port Cityයේ පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ. ඒ අනුව ඊට අදාළ තීන්දුව කථානායකවරයා වෙත ලබාදීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඉදිරියේදි යොමු කරන බවයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු හා ජනක්ද සිල්වා යන මහත් මහත්මින් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේය.

සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 19ක් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පාර්ශව කිහිපයක් විසින් අතරමැදි පෙත්සම්ද ගොනු කර තිබේ.

පසුගිය (19) වැනිදා සිට අද (23) දක්වා දින පහක් පුරාවට මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.  

No comments:

Post a Comment

Post Bottom Ad