ඔක්සිජන්-ඇඳන් 10ක් ගන්න ලක්ෂ 20ක් ඉල්ලුවාම ආණ්ඩුවේ ඇමැතිලා මගහරී: බැරිම තැන නාරම්පනාවේ හිමි ලක්ෂ 20 සොයා දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

ඔක්සිජන්-ඇඳන් 10ක් ගන්න ලක්ෂ 20ක් ඉල්ලුවාම ආණ්ඩුවේ ඇමැතිලා මගහරී: බැරිම තැන නාරම්පනාවේ හිමි ලක්ෂ 20 සොයා දෙයි

මහනුවර ජාතික රෝහලේ කොරෝනා රෝගීන් 10 දෙනකු සදහා අවශ්‍ය ඔක්සිජන් තබන ඇදන් 10ක් ලබා ගැනීමට ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බවට එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා විසින් කොවිඩ් මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම් කමිටුවේදී ඉල්ලීමක් කර තිබුණද ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් විසින් එම ඉල්ලීම ඉටු කොට නොමැති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඇමැති අනුරාධ ජයරත්න, මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිදිගොඩ ඇතුලු නිලධාරීන් රැසක් සිටි බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම ඉල්ලීම ඉටු නොවන බව දැක ඇති අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන් වහා මැදිහත්ව එම ඉල්ලීම ඉටු කිරීමට සූදානම් බව දැනුම් දී තිබේ.

ඒ අනුව උන්වහන්සේ මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී මෙම අවශ්‍යතාව දැනුම් දීමෙන් පසු ඔහු මෙම මුදල ලබා දීමට කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad