සාකච්ජා අවසන් අදියරේ: ජාතික ආණ්ඩුවක් අත ළඟ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

සාකච්ජා අවසන් අදියරේ: ජාතික ආණ්ඩුවක් අත ළඟ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගනිමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ජා වට ගණනාවක් පසුගිය සති කිහිපය පුරා ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට ප්‍රථම මෙම සාකච්ජා පවත්වා ඇති අතර ඒ සදහා විපක්ෂයේ සුලු ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහභාගි වී සිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව යම් හෙයකින් ආණ්ඩුව නියෝජනය කරන සුලු පක්ෂ එකක් හෝ කිහිපයක් ආණ්ඩුවෙන් ඉවත් වීමට හෝ ස්වාධීන වීමට තීරණය කළහොත් මෙම සුලු පක්ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට ඇත.

මේ සදහා එම පක්ෂවලින් දැනටමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවද පැවසේ.

-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad