ආර්ථිකය ගැන හිතන්නෙ නැතුව දින 14ක් රට ම වහන්න - වෛද්‍ය සංගම් සභාපති | COVID-19 Sri Lanka - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

ආර්ථිකය ගැන හිතන්නෙ නැතුව දින 14ක් රට ම වහන්න - වෛද්‍ය සංගම් සභාපති | COVID-19 Sri Lanka


පළාත් අතර හා ග්‍රාම නිලධාරි කොට්ඨාස අතර සංචරණ සීමා පැනවීම තුළින් හෝ ඇඳිරි නීතිය පැනවීම තුළින් පමණක් මෙරට තුළ පැතිර යමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළා ය.

සෞඛ්‍ය අංශවල එකම ඉල්ලීම වන්නේ එක දිගට දින 14ක් රට වසා දැමිය යුතුය යන්න බවත් එම කාලය අතරතුර අතරමැදි දිනවලදී රට විවෘත නොකළ යුතු බවත් සෞඛ්‍ය අංශවල මතය බව ද ඒ මහත්මිය පැවැසුවා ය.

විදේශිකයන් මේ රටට මේ වනවිට නොපැමිණෙන බවත් මෙරටින් ද කිසිවෙකු පිටරටවලට නොයන බවත් රට තුළ සංචරණ සීමා හෝ ඇඳිරි නීතිය එකදිගට දින 14ක් දැමී ම තුළින් රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවෙතැයි මේ අවස්ථාවේ නොසිතිය යුතු බවත් වෛද්‍ය ගුණරත්න මහත්මිය වැඩිදුරටත් කීවා ය.

No comments:

Post a Comment

Post Bottom Ad