මත්පැන් තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

මත්පැන් තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය අක්‍රිය කරන ලද හිටපු පොලිස් කොස්තාපල් රියදුරෙකු රාජකාරි සමයේ ලබාදී තිබු හැඳුනුම්පත අවභාවිතා කරමින් අලුත්ගම නගරයේ සිට වැලිපැන්න දෙසට බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු බෝතල් 25ක් වෑන් රථයෙන් රැගෙන යමින් සිටියදී දර්ගා නගරය, නාකන්දල ගොඩ ප්‍රදේශයේ දී 21 පස්වරුවේ කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව කියයි.
අත්අඩංගුවට සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2019 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය සිටියදී වැඩ තහනම් වී ඇති අයෙකු බවත් එතැන් පටන් විවිධ කටයුතු වලදී සිය රාජකාරී හැඳුනුම්පත ළඟ තබාගෙන මෙවැනි කටයුතු සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීන් කියයි .

සැකකාර හිටපු පොලිස් කොස්තාපල් වරයා බලපත්‍ර නොමැතිව මෙම මත්පැන් බෝතල් රැගෙන යමින් සිට ඇත්තේ සංචරණ සීමා පැන ඌ පසු එම මත්පැන් බෝතල් වැලිපැන්න පොලිස් වසමේ වල ගෙදර ප්‍රදේශයේදී වැඩි මිලට විකිණීමෙ ජාවාරමකට බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනඋසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හැඳුනුම්පත අවභාවිතා කරමින් කිසියම් නීති විරෝධී ක්‍රියාවන්හි නිරතවී ඇද්දැයි පරීක්ෂණ සිදුකරන බව කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad