පෝට් සිටි පනතේ කොටස් ව්‍යවස්ථා විරෝධීයි.. සම්මත කරන්න ජනමත විචාරණයක්, පාර්ලිමේන්තුවේ 2/3ක් - ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

පෝට් සිටි පනතේ කොටස් ව්‍යවස්ථා විරෝධීයි.. සම්මත කරන්න ජනමත විචාරණයක්, පාර්ලිමේන්තුවේ 2/3ක් - ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න

යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් එම වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කරන්නේ නම් සරල බහුතරයක් ප‍්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මේ බව හෙලි කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad