වාහන ආනයන නතර කර තිබියදී බිලියන 3.5ක සුපිරි වාහන ගෙන්වීමට ලංකා බැංකුවෙන් ලීසිං? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

වාහන ආනයන නතර කර තිබියදී බිලියන 3.5ක සුපිරි වාහන ගෙන්වීමට ලංකා බැංකුවෙන් ලීසිං?

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

උපුටා ගැනීම : newshub

No comments:

Post a Comment

Post Bottom Ad