ඇස් අන්ධ කරන ඉන්දියාවේ අතිභයානක කළු දිලීර රෝගය වැළදුණු අයෙක් අම්පාරෙන් මතුවෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

ඇස් අන්ධ කරන ඉන්දියාවේ අතිභයානක කළු දිලීර රෝගය වැළදුණු අයෙක් අම්පාරෙන් මතුවෙයි!

ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා පැවසීය.

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.“

No comments:

Post a Comment

Post Bottom Ad