බිරිද කොරෝනාවෙන් මිය ගොස් තෙදිනකින් සැමියත් නිවසේදිම මිය යයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

බිරිද කොරෝනාවෙන් මිය ගොස් තෙදිනකින් සැමියත් නිවසේදිම මිය යයි…

කොවිඩ් 19 වෛරසය අසාදනය වු බිරිද මියගොස් දින තුනකට පසු (16) දින රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවිම නිසා මිය ගිය තිදරු මව ඉකුත් (13) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව එදිනම ඇය මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්.පාර්වති නැමති (68) හැවිරිදි තිදරු මවයි.

මිය ගිය කාන්තාව පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇති අතර, එම පි.සි.ආර් වාර්තාව (16) දින ලද බවත්, ඒ අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, එදිනම රාත්‍රියේ ඇයගේ සැමියා වන එස්.වඩිවේල් (76) තිදරු පියා මියගිය බවත්, මිය ගිය සැමියාද පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

මිය ගිය දෙදෙනාගේ සිරුරු දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත්, එම පවුලේ සමාජිකයන් 06 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad