අපට ඕනෙ නම් පෝට් සිටි පනත බලහත්කාරයෙන් සම්මත කරන්නත් තිබුණා, අපි එහෙම කළේ නෑ - නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

අපට ඕනෙ නම් පෝට් සිටි පනත බලහත්කාරයෙන් සම්මත කරන්නත් තිබුණා, අපි එහෙම කළේ නෑ - නාමල්

පෝට් සිටි පනතට අදාළව අධිකරණය ලබාදුන් නිර්දේශ නොතකා බලහත්කාරයෙන් වුවත් එම පනත තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගැනීමේ හැකියාව තම ආණ්ඩුවට තිබුණු නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එසේ නොකළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"හැබැයි තුනෙන් දෙක තිබිලාත් අපි අධිකරණයට විරුද්ධව ගියෙ නෑ. ඒ කියන්නෙ අපට තුනෙන් දෙක තියෙද්දිත් තමයි අපි අධිකරණයේ නිර්දේශවලට අනුව කටයුතු කළේ. ඉතිං ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ, ඒකට තමයි ජනතාවාදී ආණ්ඩුවක් කියන්නෙ. ජනතාවට වගේම අධිකරණයටත් ඇහුම්කන් දෙන එක. 

ඉතිං අපට බලහත්කාරයෙන් සම්මත කරන්න වුණත් තුනෙන් දෙක තියාගෙන අපි සම්මත කරනවා, හැබැයි අපි එහෙම කළේ නෑ. මොකද අධිකරණය යම් යම් නිර්දේශ දුන්නා, අපි අධිකරණයට ගරු කරලා ජනාධිපතිතුමා, අගමැතිතුමා කිව්වා මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඒකෙන් මේ පනතට හානියක් නැහැනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad