කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රදවන්න මාර්ගෝපදේශ හදන්නැයි ජනාධිපති දැනුම් දෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රදවන්න මාර්ගෝපදේශ හදන්නැයි ජනාධිපති දැනුම් දෙයි !

කොරෝනා අසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන අය තම නිවෙස් තුළම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රැදවිමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව එම නිර්ණායක මේ සති අන්තයේ දී සකස් කරනු ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කළේය.

බරපතල කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කර ප්‍රතිකාර කරවන බවත් බරපතළ නැති රෝග ලක්ෂණ ඇති අය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ට ඇතුළත් කරන බවත් පවසන ඔහු රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රදවන බවත් පැවසීය.

නමුත් තම නිවෙස් වල ඒ සඳහා පහසුකම් නැති අය අනිවාර්යෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේවත් කොරොනා රෝගීන් සියලු දෙනා නිවෙස්වල රැුදවීමට පියවර නොගන්නා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad