සුළි කුණාටුවක් ලංකාව ඉදිරියේ - ගංවතුර, නායයාම් අනතුරු අගවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

සුළි කුණාටුවක් ලංකාව ඉදිරියේ - ගංවතුර, නායයාම් අනතුරු අගවයි !

මේ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවි තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළැඹෙන එළඹෙන 24 වනදා වන විට සුළි කුණාටුවක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

අද දිනයේ පටන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වන බවත් ඉන්පසු ඉදිරි දිනවල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වුණු ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙහි ශ්‍රී ලංකාවට ඇත්තේ මෙහි වක්‍ර බලපෑමක් බවත් ඉන්දියාවට මෙමගින් සෘජු බලපෑමක් ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටසට 24 25 26 දිනවල වැසි තත්ත්වය වර්ධනය වීමේ ලකුණු පහළ වී ඇතැයිද ඔහු පැවසීය.

එම දිනවල ගංවතුර, නායයාම් ආදී සිදුවීම් සිදුවිය හැකි බවද ඔහු තවදුරටත් සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad