නොතකා සිටියහොත් මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉන්දියාව මෙන් වීම වැලැක්වීමට නොහැකියි - සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

නොතකා සිටියහොත් මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉන්දියාව මෙන් වීම වැලැක්වීමට නොහැකියි - සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි

ඉන්දියාවේ ඇති කොරෝනා ව්‍යාප්තියේ තත්වයට ශ්‍රී ලංකාව මෙතෙක් කිට්ටු කරලා වත් නැති බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. නමුත් ශ්‍රී ලංකාවේ වෛරස ව්‍යාප්තිය බරපතල තත්වයක පවතින බවත් භයානක යන වචනය තමන් භාවිත නොකරන බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

නමුත් පවතින තත්වය නොසලකා සිටියහොත් වෛරස ව්‍යාප්තිය ඉන්දියාව දෙසට යාම වැලැක්වීමට නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad