අමු පොල්තෙල් දිව ඔසුවක් වෙයි - කොරෝනාවෙන් පණ බේරන බව විද්‍යාත්මක පරීක්‍ෂණයකින් සනාථයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

අමු පොල්තෙල් දිව ඔසුවක් වෙයි - කොරෝනාවෙන් පණ බේරන බව විද්‍යාත්මක පරීක්‍ෂණයකින් සනාථයි

කොවිඩ් -19 රෝගය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආහාර වේලට රත් නොකළ නැවුම් පොල්තෙල් යොදාගැනීමෙන් එම රෝගීන්ගේ කොරෝනා රෝග ලක්ෂණ සමනය කරගත හැකි බවත් ඒ තුළින් ඔවුන් හදිසි ප්‍රතිකාර ලැබීමේ තත්ත්වයට වැටීමෙන් වලක්වාගත හැකි බවත් නවතම විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් ඔප්පුවී ඇතැයි මෙරට ප්‍රකට රසායන විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා හෙළිකරයි.

පොල්තෙල්වල 50% ක් පමණ තිබෙන්නේ ලෝරික් අම්ලය බවත් එය ජීර්ණය වූ පසුව හැදෙන මොනලෝරේට් රසායනිකය මගින් වෛරසවල පිටත ආවරණය දියකළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

“මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. මේ සඳහා කොවිඩ් -19 රෝගය වැළඳුණු පුද්ගලයින් 58 දෙනෙකු පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. මොවුන්ට දින 28 ක් පුරා නැවුම් පොල්තෙල් ලබාදී තිබෙනවා. නැවුම් පොල්තෙල් ආහාරයට එකතු කරපු කොවිඩ් -19 රෝගීන් 28 දෙනාට හුස්ම ගැනීමේ අපහසුතා පැමිණිලා නෑ. කැස්ස වැඩිවෙලා නෑ. නිරෝගී ලක්ෂණ තමයි පෙන්වලා තිබෙන්නේ.

විද්‍යාත්මකව ගත්තොත් මේක පොල්තෙල්වල තියනවා 50% ක් පමණ ලෝරික් අම්ලය කියන අම්ලය. ඒක තමයි පොල්තෙල්වල ප්‍රධාන සංඝටකය. ආහාර ජීර්ණය වුණාට පස්සෙ මේක මොනලෝරේට් කියන රසායනිකය බවට පත්වෙනවා. මේ මොනලෝරේට් වලට වෛරසවල තිබෙන පිටත ආවරණය දියකිරීමට හැකියාව තියනවා කියල සොයාගෙන තිබෙනවා.“

No comments:

Post a Comment

Post Bottom Ad