එන්නත් ගන්න-5000 ගෙවන්න ආණ්ඩුව කෝටි 20000ක් ඉල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

එන්නත් ගන්න-5000 ගෙවන්න ආණ්ඩුව කෝටි 20000ක් ඉල්ලයි !

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් ලබා ගැනීම, 5000 දීමනාව සහ වෙනත් ගෙවීම් ආදිය සඳහා රුපියල් බිලියන 200ක (කෝටි 20000ක) වටිනාකමින් යුත් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් යෝජනා කර තිබේ.

එයට අමතරව 2020 සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මුදල් පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමුකිරීමට යෝජනා වී ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad