එජාපයෙන් බලය ලබා සජබෙට ආවැඩූ අය දොට්ට දමා එජාපය අලුත් මන්ත්‍රීවරු 74 පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

එජාපයෙන් බලය ලබා සජබෙට ආවැඩූ අය දොට්ට දමා එජාපය අලුත් මන්ත්‍රීවරු 74 පත් කරයි

2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බලයට පැමිණ පසුව පසුගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය පක්ෂයට සහය ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය වෙත බලය පවරමින් අධිකරණය නියෝගයක් ලබා දුන්නේ පසුගියදායි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය අදාළ මං සිදුවන සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් අදාල මන්ත්‍රී ධුර සඳහා පත් කරනු ලැබුවා.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සහ නවක මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම අද පෙරවරුවේ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සංවිධානය කර තිබුණා.

එහිදී උත්සව සභාව ඇමතූ නිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය සම්ප්‍රදායක දේශපාලන ක්‍රමවේදයන් මේ වන විට රටේ ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

කිසිදු පුද්ගලයෙකුට හෝ රජයකට බලයට පත්වීමෙන් පසුව වෙනස් කළ නොහැකි වන ආකාරයේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද හිටපු අග්‍රාමාත්‍යවරයා සිය කතාවේ දී අවධාරණය කළා.


No comments:

Post a Comment

Post Bottom Ad