කැබිනට් සංශෝධනයත් සමග විශ්වාසභංගයත් පාර්ලිමේන්තු කුණු බක්කියට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

කැබිනට් සංශෝධනයත් සමග විශ්වාසභංගයත් පාර්ලිමේන්තු කුණු බක්කියට !

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගෙනම වීසි වන තත්ත්වයක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ තව ටික දිනකින් සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයත් සමඟයි.

බැසිල්ගේ දිවුරුම් දීම සමග වන වෙනස

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍යවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිත අතර ඊට සමගාමීව ඒ ආසන්නයේම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉදිරියේදී සිදුවීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වෙනස් වීමට නියමිත අතර විෂයන් අතර බලශක්ති අමාත්‍යංශයද තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඇමති ධූරය වෙනස් වීම

එවන් තත්ත්වයක් ඇති වුවහොත් සමගි ජන බලවේගය කරුණු දහයක් මුල් කොටගෙන උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ වලංගුභාවයද අහෝසි වන්නේ එය පුද්ගලයකු ඉලක්ක කොටගෙන ඉදිරිපත් කොට තිබෙන නිසාය.

සමගි ජන බලවේගය බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මේ වන විට කතානායකවරයාට භාර දී තිබෙන අතර එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට විවාදයක් සඳහා දින ලබා දීමයි ඉතිරිව තිබෙන්නේ.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමිනුයි සමගි ජන බලවේගය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ.

-asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad