හංවැල්ලේ කට්ටඬියා මරලා තියෙන්නේ ඔළුවට කුළුගෙඩියකින් ගහලා! හිටපු නාවික සෙබළෙක් අල්ලයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

හංවැල්ලේ කට්ටඬියා මරලා තියෙන්නේ ඔළුවට කුළුගෙඩියකින් ගහලා! හිටපු නාවික සෙබළෙක් අල්ලයි!!

හංවැල්ල ඇඹුල්ගම නිවසකට සිටි කට්ටඬියකු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. කට්ටඩියාගේ අනියම් බිරිඳ සහ සැකකාර විශ්‍රාමික නාවික සෙබලාගේ ඥාති සහෝදරයකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

සැකකරුවන් පැහැර ගැනීමට යොදා ගත් බව කියන යතුරුපැදිය ,හිසට පහර දීමට යොදා ගත් කුඩා කුලුගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැලට දමා තිබූ ඉබි යතුර ද පොලිස් බාරයට ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad