රනිල්ට හමුදා නිල ඇඳුම් කහඹිලියා වගේ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

රනිල්ට හමුදා නිල ඇඳුම් කහඹිලියා වගේ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ ජාතික හැඟීමක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය – දැන් ඒ සමඟම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පාර්ලිමේන්තුවට ආවා දැන් ඊළඟට එනවා බැසිල් රාජපක්ෂ මහත්මයා.ඔබතුමාලා පිළිගන්න සූදානමින්ද ඉන්නේ?

“බැසිල් රාජපක්ෂ කියන්නේ පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක්. ඒ ගැන තීන්දු තීරණ ගන්න අපිට අයිතියක් නෑ. රනිල්ගේ පැටිකිරිය අතීතය ඊට වඩා වෙනස්. දැක්කනේ මංගල කතාවේ ම හමුදාපතිටයි හමුදාවටයි පහර ගහලානේ පටන් ගත්තේ. එයාට ඔය හමුදා නිල ඇඳුම්, හමුදාපතිලා එහෙම ඇඟට අල්ලන්නේ නෑ කහඹිලියා වගේ. ඒවට ඇලජික්. කවුරු හෝ හමුදාව දකින්න කැමති නැත්නම් හමුදාපතිලා අයින් කරන්න ඕනේ කියන මානසිකත්වයේ ඉන්නවා නම් එයාට කවදාවත් මේ රට ගැන ජාතික හැඟීමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක තමයි.”


No comments:

Post a Comment

Post Bottom Ad