තිස්සමහාරාමයේ පිහිට ක්‍රි.පු. 03 වැනි සියවසට අයත් යැයි සලකනු ලබන රුහුණේ රජකම් කළ යටාලතිස්ස රජු හෝ දේවානම්පියතිස්ස රජුන් විසින් ඉදි කරන ලදැයි සැලකෙන තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට චීන සමාගමක් වෙත පවරා තිබෙනවා.
මෙහි කටයුතු පසුගිය 20 වැනිදා ආරම්භ කළ අතර එම අවස්ථාවට වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිසක් ද පැමිණ සිටියා.
මෙහිදී චීන මහජන විමුක්ති හමුදාව භාවිත කරන ආකාරයේ කැළෑ ඇඳුමකින් සැරසුණු පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධව සිටින ආකාරය දැක්වෙන දර්ශන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
මෙම පිරිස කවුරුන්ද යන්න පිළීබඳව කිසිම තොරතුරක් වාර්තා වී නොතිබුණු අතර සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් මතයන් ලෙස පවසා තිබුණේ මෙම පිරිස චීන හමුදා සාමාජිකයන් විය හැකි බවයි.
සිදුවීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය කටයුකු කර තිබුණේ ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණීවිඩයක්ද නිකුත් කරමින්.
එහිදී මෙම සිදුවීම වාර්තා කර තිබූ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයකට චීන තානාපති කාර්යාලය විසින් චෝදනාවක් එල්ල කර තිබුණු අතර එහිදි චීන තානාපති කාර්යාලය විසින් අදාළ මාධ්‍ය ආයතනයෙන් විමසා තිබුණේ තොරතුරු සත්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම මාධ්‍යකරණයේ තිබිය යුතු අනිවාර්ය කරුණක් නොවන්නේද යන්නයි.
ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ක්ලික්බයිට් හෝ අසත්‍ය තොරතුරු මාධ්‍යයක විශ්වසනීයත්වයට හානි දායක විය හැකි බවයි.
එමෙන්ම වැව ප්‍රතිසංස්කරණය කිරීම හා සම්බන්ධව සිටි පිරිස හැදගෙන සිටින ආකාරයේ ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට දමා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද චීන තානාපති කාර්යාල විසින් සිය පණිවිඩය හා සැබැඳිව වාර්තා කර තිබුණා.
නමුත් මෙම පිරිස හමුදා සාමාජිකයන්ද, නැතහොත් වැව ප්‍රතිසංස්කරණය කරන්නට පැමිණි කම්කරුවන්ද යන්න පිළිබඳව හෝ එම පිරිස පිළිබඳව කිසිම තොරතුරක් එම ට්විටර් සටහන තුළ පළ වී තිබුණේ නැහැ. ඒ පිළිබඳව මෙරට ට්විටර් පරිශිලකයන් විසින් ද චීන නිල ට්විටර් ගිනුමේ ප්‍රශ්න කර තිබෙන ආකාරයද දැකගත හැකියි.
චීනය තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් සටහන පහතින්,




No comments:
Post a Comment