ජනපතිගෙන් නාමල්ට තවත් ඔටුන්නක්! ‘වියත්මග’ බාරදෙන්න සූදානම්!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ජනපතිගෙන් නාමල්ට තවත් ඔටුන්නක්! ‘වියත්මග’ බාරදෙන්න සූදානම්!!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රිඩා හා තරුණ කටයුතු, ඩිජිටල් රාජ්‍ය අමාත්‍ය ධූරය දරන නාමල් රාජපක්ෂ මහතා හට තවත් භාරදූර වගකීමක් පැවරීමට තීරණය කොට ඇත.  

ඒ, ‘වියත් මග’ සංවිධානයේ සභාපති ධූරයය. ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සදහා වියත්මග විශාල කැපවීමක් සිදු කළ සංවිධානයකි.

ඒ අනුව පසුගිය සතියේ වියත්මග විධායක රැස්වීම පැවැත්වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ඊට මිශ්‍ර ප්‍රතිචාර ඉදිරිපත්ව ඇති බවත් වාර්තා වේ.

ඇතැමුන් එය මෙම අවස්ථාවේ සිදු ‌නොකරන ලෙසට ‌අදහස් දක්වා ඇති බව ද දැනගන්නට ඇත.

අවම වශයෙන් ජනාධිපතිවරයා සංවිධානයේ රැදී සිටිමින් නාමල් රාජපක්ෂ මහතාට එය මෙහෙයවීම බාර දීම සුදුසු බවද එහිදී පිරිසක් යෝජනා කොට තිබේ.

කෙසේවෙතත් මෙම විධායක කමිටු රැස්වීමට ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහභාගී වී නොසිටීමද විශේෂ සිදුවීමකි.


No comments:

Post a Comment

Post Bottom Ad