පාර්ලිමේන්තුව උණුසුම්: විපක්ෂයෙන් "ආණ්ඩුව මාරයි කාල හමාරයි" විරෝධතාවයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

පාර්ලිමේන්තුව උණුසුම්: විපක්ෂයෙන් "ආණ්ඩුව මාරයි කාල හමාරයි" විරෝධතාවයක් - (video)

"ආණ්ඩුව මාරයි කාල හමාරයි , ගම්මන්පිල මේවට උත්තර දීපන් " ආදී විරෝධතා ප්‍රකාශ කරමින් විරෝධතා පාඨ පාඨ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් අද (23) පාර්ලිමේන්තුව ආරම්භයත් සමග සභා ගැබ තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූයේ සමගි ජන බලවේගය විරෝධතාවයක් දැක්වීමත් සමඟයි.

ඒ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මුල් කොට ගෙනයි.

පූර්ව සූදානම

ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ව සූදානමකින් පැමිණ සිටීමද දක්නට ලැබුණා.

සමගි ජන බලවේග මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා උදය ගම්මන්පිල අමාත්‍යවරයා විපක්ෂය නගන ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන ආකාරය විවේචනය කිරීමත් සමග ඊට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ට තමා දෙන පිළිතුරු තේරුම් ගැනීමට මොළයක් නැති බව සඳහන් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා.

ප්‍රශ්න ඇසීමත් නතර වීම

එනිසා සමගි ජන බලවේගයආණ්ඩුවෙන් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්නද නොඅසා සිටීම ද දක්නට ලැබුණා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිතව තිබූ වේලාව ආසන්නයේම මෙම විරෝධතාවය සමගි ජන බලවේගය ආරම්භ කිරීමද විශේෂත්වයක්.


No comments:

Post a Comment

Post Bottom Ad