මෙන්ඩිස්, දික්වැල්ල, හැසිරීම වරදක් නෑ.. ඔවුන් පෙරද එසේයි.. එකම වරද මාස්ක් නැති වීමයි..- ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

මෙන්ඩිස්, දික්වැල්ල, හැසිරීම වරදක් නෑ.. ඔවුන් පෙරද එසේයි.. එකම වරද මාස්ක් නැති වීමයි..- ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක එංගලන්තයේ වීදියක හැසිරුණ වීඩියෝව සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කලමණාකාරු අදහස් පල කරයි. ඔවුන් නිරෝධායන කාලය අවසාන කර ඇති බැවින් එංගලන්තෙදි ඒ ආකාරයෙන් හැසිරීම ගැටළුවක් නැති බව ඔහු සදහන් කරයි.

නමුත් එම අවස්ථාවේදී මුහුණු ආවරණ නැතිව කටයුතු කිරීම ඔවුන් සිදු කරන එකම වරද බවද ඔහු පවසයි.

මීට පෙර පැවති තරඟ වලින් පසුව පසුව ද ඔවුන් මේ ආකාරයෙන් හැසිරී ඇති බව ද පවසන කළමනාකාරවරයා කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවද සඳහන් කර ඇත.

ස්වරණවාහිනී නාලිකාව වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා තිබේ.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad