කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 08වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දිනමිණ පුවත්පත වාර්තා කරයි.

පාලිමේන්තුවට පත් වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි වීමට ඉඩ ඇතැයි ද කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විටත් මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් දරණු ලබන අතර දිනමිණ පුවත සත්‍ය වන්නේ නම් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉන් ඉවත් කිරීමක් හෝ ඔහුට වෙනත් අමාත්‍ය ධුරයක් පැවරීමක් සිදු වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad