“මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි” - රාඝවන්ගෙන් සුමන්තිරන්ට සැර කතාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

“මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි” - රාඝවන්ගෙන් සුමන්තිරන්ට සැර කතාවක්

ඊයේ (23) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් විසින් අදහස් පළ කරන අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී මන්ත්‍රීවරයා විසින්  දේශපාලන සිරකරුවන් සම්බන්ධ සිදුවීමක් සම්බන්ධයෙන් ආචාර්ය සුරේන් රාඝවන් හට චෝදනා කරමින් පවසා සිටියේ “ඔයා ආණ්ඩුවේ ලොකුපුටුවල අයගේ සපත්තු ලෙව කෑවා..මොකද ඔබට තනතුරු ලැබුණා..” යනුවෙනි.

එහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද නැගිට ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාට චෝදනා කරමින් පවසා සිටියේ “සුමන්තිරන් මන්ත්‍රීතුමනි, ඔබ පසුගිය අවුරුදු 05 මොනවද කළේ? ආණ්ඩුවේ අයගේ සපත්තු ලෙව කෑවා..” ලෙසිනි.

මන්ත්‍රී සුමන්තිරන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය පිළිතුරු ලබාදීම සඳහා නැගිට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් පවසා සිටියේ “මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි ආණ්ඩුවේ..බෙදුම්වාදී සහයෝගය දක්වන මිනීමරු ත්‍රස්තවාදයට උදව් දෙන කුලී හේවායෙකු වෙනවාට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙක් වෙන එක මම අභිමානයක් හැටියට සලකනවා..” යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad