බැසිල් කටුනායකින් මෙරටට එයි - ඉන්ධන මිල අඩුවෙයි ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

බැසිල් කටුනායකින් මෙරටට එයි - ඉන්ධන මිල අඩුවෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලික සංචාරයක නිරත විය.

ඔහු මෙරටට පැමිණීමත් සමග දැනට ඉහළ දමා ඇති ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් ගණනාවක් ම සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල ඉහළ නොදමන බවද එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ සඳහන් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad