නිල් දිව්රුම් දී කෙළින්ම ගියේ අභයාරාමයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

නිල් දිව්රුම් දී කෙළින්ම ගියේ අභයාරාමයට !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමෙන් අනතුරුව ‌පළමුවෙන්ම ගොස් ඇත්තේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැකීමටය.

ඒ අනුව උන්වහන්සේ බැහැදැක ඇති වික්‍රමසිංහ මහතා සිය අලුත් පාර්ලිමේන්තු ජීවිතයට ආශිර්වාද ලබා ගෙන ඇති බව දැනගන්නට ඇත.

සාමාන්‍යයෙන් ‌පසුගිය කාලය පුරාම වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු හෝ ශුභ කටයුත්තක් සදහා පළමුවෙන්ම ගියේ එජාපයට හිතැති පන්සල් ලෙස සැලකෙන ගංගාරාමයට හෝ කොල්ලුපිටියේ වාළුකාරාමයටය.

නමුත් මෙවර වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා හිතවත් ලෙස සැලකෙන අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ හිමියන් බැහැ දැකීමට යාම විශේෂ සිදුවීමකි.


No comments:

Post a Comment

Post Bottom Ad