පොලිස් ඇමති ඉස්සරහ ඇමති රෝහිත, මන්ත්‍රීවරයෙකු කූඩුවට දමයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

පොලිස් ඇමති ඉස්සරහ ඇමති රෝහිත, මන්ත්‍රීවරයෙකු කූඩුවට දමයි - (video)

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා එක්ව ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (23) දිනයේ පොලිස් කූඩුවකට දමා වසා දැමීමට කටයුතු කළා. කළුතර, පින්වත්ත නව පොලීස් ස්ථානය විවෘත කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යන මහත්වරුන් පැමිණ තිබුණා‍ෙ.

මෙහිදී පොලීස් ස්ථානය විවෘත කිරීමෙන් පසුව එහි නිරික්ෂණයට එකතු වුණු අමාත්‍යවරුන් දෙදෙනා එක්ව සිර මැදිරියත් පරික්ෂා කර බැලුවා

එහිදී අමාත්‍ය සරත් වීරසේකර හට අමාත්‍ය රෝහිත අබේගුණර්ධන විසින් මන්ත්‍රීවරයෙකු හඳුන්වා දෙනු ලැබු අතර, “කෝ මේ අර මන්ත්‍රීතුමා.. මෙයා තමා මේ ගමේ මන්ත්‍රීතුමා.. යනවා බලන්න ඇතුළට” යැයි කියූ ඇමති රෝහිත විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සිර මැදිරියට දමා වසා දමා සිරමැදිරියේ සිටි මන්ත්‍රීවරයාගෙන් “හොඳයිද?” යනුවෙන් අසා සිටියා.

ඒ අවස්ථාවේ රැස්ව සිටි සියලු දෙනා සිනාසෙන ආකාරයද එම අවස්ථාව ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ පහත අයුරින්,


No comments:

Post a Comment

Post Bottom Ad