රට කරනා හැටි අපි පෙන්වන්නම්..කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න - එජාප මහලේකම් රංගේ බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Thursday, June 3, 2021

රට කරනා හැටි අපි පෙන්වන්නම්..කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න - එජාප මහලේකම් රංගේ බණ්ඩාර

ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බි ය වැද්දීම සඳහා “ගැසට්” ගැසී⁣ම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අනුරාධපුර යුගයේ ගෝඨාභය රජ කාලය මෙන්ම වර්තමාන පාලනය ද ජනතාව පීඩා වට පත් කරමින් සිටින බව කී රංගේ බණ්ඩාර මහතා මෙි අවස්ථාවේ රට ගොඩනගන්නට ලෝකය පිළිගත් පළපුරුදු නායකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බවද සඳහන් කළේය.

“සිරිසඟබෝ රජුගෙන් අනතුරුව අනුරාධපුර යුගයේ මේ රට පත් වූ අභා ග්‍ය සම්පන්නම රජු වන්නේ ගෝඨාභය රජතුමායි. මේ ගෝඨාභය රජුගේ කාලපරිච්ඡේදය තුළ රටේ දුර්භික්ෂ හා ව සංගත ඇති වුණා. අ සාධාරණය රජ වුණා. අ ධාර්මික පාලන යුගයක් ඇතිවුණා. දූ ෂ ණය ඉහවහා ගියා.

එමෙන්ම මිනිසුන්ගේ සිත් දූ ෂ ණය වුණා. රටේ ව්‍ යාකූල තත්ත්වයක් ඇති වුණා.සිරිසඟබෝ රජුගේ හිස ගෙනත් දෙන්නැයි කළ නියෝගය අනුව නොයෙක් අය එකිනෙකා ම රා හිස් ගෙනෙන්නට පටන් ගත්තා. එමගින් මුදල් උපයන්න උත්සහ කළා.

ඉතිහාසයේ ගෝඨාභය යුගයේ අපට මුහුණ දෙන්නට වූයේත් මෙවැනි ව්‍යා කූල යුගයකටයි”යනුවෙන්ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *