පොසොන් සතියේ අනුරාධපුර සුරා සැල් අරී.. මිහින්තලා හිමි දැඩි විරෝධයේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

පොසොන් සතියේ අනුරාධපුර සුරා සැල් අරී.. මිහින්තලා හිමි දැඩි විරෝධයේ !

පොසොන් සතියේදී අනුරාධපුර ප්‍රදේශයේ සුරාසැල් විවෘත කිරීමට ඉඩ ලබා දීම පිළිබඳව තම අප්‍රසාදය පළකරන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු අනුරාධපුර නගරයේ මත්පැන් හල් විවෘත කර ඇති අතර ඒවායෙන් මිලදී ගැනීමට ද විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

කෙසේ වෙතත් මීට පෙර සෑම වසරකම පොසොන් උත්සව පැවැත්වෙන සතිය පුරාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසල් සහ මස් කඩ තාවකාලිකව වසා දමන ලදි.

නමුත් මෙවර එම කාල සීමාවේ සුරාසැල් විවෘත කර තිබීම හේතුවෙන් නාහිමියෝ තම විරෝධතාවය පල කර සිටී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරාධපුර දිසාපතිවරයා සඳහන් කරන්නේ මෙවර පොසොන් සතියක් ක්‍රියාත්මක නොවන බවත් ඒ නිසා ජනතාව ඒකරාශී වීමක් සිදු නොවන නිසා මෙම කාලසීමාවේ සුරාසල් විවෘත කිරීම කිරීමේ වරදක් නැති බවය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් මෙවර පොසොන් උත්සව කමිටුව රැස්වී තීරණය කර නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad