සිංහල බෞද්ද ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත‍්‍රණයක්…- දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

සිංහල බෞද්ද ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත‍්‍රණයක්…- දයාසිරි

රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුළ තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය නැති වී යනු ඇත බවද ඒ මහතා පවසයි.

මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් බව පෙනී යන බවද ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේ දී තවදුරටත් සහල් හිගය උග්‍ර වනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙමඟින් මෙරට සහල් ස්වයංපෝෂිත තත්ත්වය බිඳ වැටෙන බවද කියා සිටියේය.

කෙසේ නමුත් කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පල නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුතුව තිබූ දෙයක් බවද අමාත්‍යවරයාගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad